තොරතූරු පද්ධතියතොරතූරු පද්ධතියeduSTORE යනු විද්‍යුත් ජාල (web based) මත පදනම් වූ තොරුතුරු පද්ධතියක් වන අතර එය උසස් අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්ති මය තීරණ ගැනීමට උපකාරී වන මෙවලමක් (tool) ලෙස නිර්මාණය කර ඇත. එය superX නැමැති දත්ත ගබඩාව (Datawarehouse) උපයෝගී කොටගෙන නිර්මාණය වූ අතර ICE නමැති පද්ධතිය භාවිතයෙන් ලැබුණු පළපුරැද්ද එයට දායක විය. මෙම දත්ත ගබඩාව Bussiness Intelligence සඳහා මෙවලමක් වන අතර එහි දත්ත විශ්ලේෂණ මෙවලමි හා දත්ත වාර්තාකරණ මෙවලමි (analyzing and reporting tools) වලින් යුක්ත වේ. විවිධ වූ දත්ත සපයන data sources වලින් ලැබෙන දත්ත විශාල පමාණයක් මෙම eduSTORE පද්ධතියේ රඳවා තබා ගත හැක.මෙම දත්ත අවශය ආකාරයට විශ්ලේෂණය කොට සංඛලේඛන වාර්තා (Statistical reports) සාදා ගත හැකිය. මෙම සංඛලේඛන වාර්තා විශ්වවිද්යාල හා විවිධ වු දෙපාර්තමේන්තු සඳහා පර්යෝජනවත් වේ. මෙහි ඇති පර්ධානම විශ්ලේෂණ මෙවලම Flexible Table Generator නමින් හැඳින්වෙන දත්ත වගු නර්මාණය කළ හැකි මෘදකාංග යයි. මෙමගින් නිර්මාණය කළ වගු user-tables ලෙස පද්ධතිය තුල සංරක්ෂණය (save) කළ හැකිය.තවද නව දත්ත පද්ධතියට ඇතුලු කළ විට ස්වයංකීූයව එම වගු ද අලුත් (update) කළ හැක. eduSTORE යනු නොමිලයේ ලබා ගත හැකි open source ගනයේ මෘදුකාංගයකි. මේ නිසා මෙම මෘදුකාංගය විවිධ ආයතන වලට අවශය ආකාරයට වෙනස් (change) කර ගත හැකිය. පද්ධති ලක්ෂණජාල යෙදවුම(Web application) eduSTORE පද්ධතිය ජාවා සහිත ඕනෑම Web-browser කින් (Firefox and Internet Explorer) පරිශීලනය කළ හැක. මෙහෙයුම් පද්ධති ස්වායත්තතාව ෙමහි Server-side සඳහා UNIX(Solaris), LINUX හෝ Microsoft Windows මෙහෙයුම් පද්ධති බාවිතා කළ හැක. ෙමහි දත්ත ගබඩාව ලෙස MySQL, PostgreSQL, Oracle හෝ Informix බාවිතා කළ හැක. සුනම්ය දත්ත ආනයනය කරීමේ හැකියාව (flexible data import) මෙම පද්ධතියට Individual case data සහ Aggregated case data යන දෙවර්ගයේම දත්ත ඇතුලත් කල හැක. සුනම්ය දත්ත විශ්ලේෂණය කරීමේ හැකියාව (flexible data analysis) මෙම පද්ධතියේ ඇති "flexible table generator" මගින් විවිධ "data stocks" සම්බන්ධ කර සංඛලේඛන වාර්තා (Statistical reports) සාදා ගත හැකිය. eduSTORE publishing framework මගින් සුනම්ය දත්ත අපනයනය (flexible data export) මෙම පද්ධතියෙන් (X)HTML, MS EXCEL, Open Document (උ.දා.Open Office සඳහා), සහ PDF වැනි formats වලින් දත්ත ලබා ගත හැක. Intelligent System මෙම පද්ධතියෙ ඇති දත්ත යතුරැ පද්ධතිය (key system) මගින් හඳුනා ගත හැක. මෙම eduSTORE පද්ධතිය මගින් විවිධ දත්ත Harmonize කළ හැකි වන අතර equivalence rules, and implication rules මගින් දත්ත සංසන්දනය කළ හැක. මෙම eduSTORE පද්ධතියෙ ඇති user tables නව දත්ත ලැබුනු විට ස්වයංකීයව අලුත් (update) කළ හැක. eduSTORE පද්ධතියේ භාවිතය ජර්මනිය
ශ්‍රී ලංකාව
|
User loginNavigation |